කටුනායක ගුවන්තොටුපොළේදී විදේශීය නිෂ්පාදිත දුම්වැටි විශාල තොගයක් සහ විද්‍යුත් දුම්වැටි සඳහා භාවිත කරන රසායනික ද්‍රව්‍ය අඩංගු ඇසුරුම් තොගයක් නීති විරෝධී ලෙස රැගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු මෙම භාණ්ඩ “හරිත මාවත” ඔස්සේ පිටතට ගෙන යාමට උත්සාහ කර තිබෙනවා.
මෙම පුද්ගලයා ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණා. රේගු නිලධාරීන් පවසා ඇත්තේ, සැකකරු රැගෙන ආ ගමන් මලු තුනක් පරීක්ෂා කිරීමේදී විවිධ වර්ගයේ දුම්වැටි 40,660ක් සහ විද්‍යුත් දුම්වැටි ආරෝපණ ඇසුරුම් 33ක් සොයා ගත් බවයි.
අත්අඩංගුවට ගත් මෙම දුම්වැටි සහ විද්‍යුත් දුම්වැටි නැවත ආරෝපණය කිරීමට යොදා ගන්නා රසායනික ද්‍රව්‍යවල වටිනාකම රුපියල් ලක්ෂ හැත්තෑවක් (රු. 7,000,000) පමණ වන බවට අනාවරණය වී තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරු ඩුබායිහි ආපන ශාලාවක සේවය කළ, කුරුණෑගල, මාවතගම ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයෙක් බවට වැඩිදුර තොරතුරු වාර්තා වනවා.