කොල්ලුපිටියේ සම්බාහන ආයතනයක නීතිවිරෝධී ලෙස රැඳී සිටි විදේශීය කාන්තාවන් 10ක් අත්අඩංගුවට!

Published On: July 15, 2025
Follow Us
sinhala-news-lk

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් සිදු කරන ලද විශේෂ වැටලීමකදී, කොළඹ, කොල්ලුපිටිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය සම්බාහන ආයතනයක නීතිවිරෝධී ලෙස සේවය කරමින් මෙරට රැඳී සිටි විදේශීය කාන්තාවන් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම කාන්තාවන් සංචාරක වීසා මත මෙරටට පැමිණ ඇති අතර, ඔවුන්ගෙන් සිව් දෙනෙකුගේ සංචාරක වීසා බලපත්‍ර කාලය දැනටමත් ඉක්මවා ගොස් ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පැවසීය. අත්අඩංගුවට ගත් මෙම කාන්තාවන් වයස අවුරුදු 25ත් 39ත් අතර පසුවන අය වෙති.

ඔවුන් අතර තායිලන්ත ජාතික කාන්තාවන් 06 දෙනෙකු, වියට්නාම් ජාතික කාන්තාවන් 03 දෙනෙකු සහ එක් චීන ජාතික කාන්තාවක් සිටින බවට වාර්තා වේ. අත්අඩංගුවට ගත් විදේශීය කාන්තාවන් පිරිස මේ වන විට වැලිසර රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා සිටින අතර, ඔවුන් කඩිනමින් තම මව්බිම් වෙත පිටුවහල් කිරීමට නියමිත බවද වැඩිදුරටත් වාර්තා වේ.

sandaru

As an experienced publisher, I champion high-quality, credible, and engaging digital journalism. Join me to learn how to build trust, grow audiences, and monetize news platforms, transforming perception in today's competitive media.

Join WhatsApp

Join Now

Join Telegram

Join Now

Leave a Comment