බන්ධනාගාර රැඳවුවන්ගේ නිර්මාණ ඇතුළත් “සිරසර ශිල්ප 2025” ආරම්භ වෙයි

Published On: July 15, 2025
Follow Us
prisons-competiotion-lk-news

බන්ධනාගාරගත රැඳවුවන්ගේ කලාත්මක කුසලතා සහ හැකියාවන් ජාතික තලයට ගෙන ඒමේ අරමුණින් සංවිධානය කරන “සිරසර ශිල්ප 2025” කුසලතා ප්‍රදර්ශනය අද (ජූලි 15) සිට ආරම්භ වේ.

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය පවසන පරිදි, මෙම ප්‍රදර්ශනය අද සිට ලබන ජූලි 17 වැනිදා දක්වා බත්තරමුල්ල දියත උයන පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතයි. ප්‍රදර්ශනය දිනපතා පෙරවරු 9.00 සිට පස්වරු 9.00 දක්වා මහජනතාව සඳහා විවෘතව තැබෙනු ඇත.

මෙරට බන්ධනාගාර 28ක රැඳවුවන් විසින් නිර්මාණය කරන ලද කලාත්මක භාණ්ඩ සහ නිෂ්පාදන රැසක් මෙහිදී සාධාරණ මිල ගණන් යටතේ මිලදී ගැනීමේ අවස්ථාව මහජනතාවට හිමි වේ.

බන්ධනාගාර රැඳවියන් පුනරුත්ථාපනය වන කාලසීමාව තුළදී ඔවුන්ගේ දක්ෂතාවන්ට අනුව කෘෂි අංශය, කොසු ඉදල් අංශය, වඩු අංශය, කම්මල් අංශය, සබන් අංශය, බේකරි අංශය, බ්ලොක් ගල් අංශය, වියන අංශය, මැහුම් අංශය සහ පාවහන් අංශය ඇතුළු විවිධ නිෂ්පාදන අංශ සඳහා යොමු කෙරේ. එහිදී ඔවුන් විසින් සකස් කරනු ලබන උසස් තත්ත්වයේ භාණ්ඩ හා නිර්මාණ මෙම ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කර ඇතැයි අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

මෙහිදී ඉරටු ඉදල්, අඩ සඳ පාපිසි, ලෑලි පාපිසි, දූවිලි පිස්නා, කොහු නිෂ්පාදන, බිත්ති සැරසිලි සහ කොසු මුස්නා ඇතුළු විවිධත්වයකින් යුත් තවත් නිෂ්පාදන රැසක් මිලදී ගැනීමේ හැකියාව පවතින බවද අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය කියා සිටී.

sandaru

As an experienced publisher, I champion high-quality, credible, and engaging digital journalism. Join me to learn how to build trust, grow audiences, and monetize news platforms, transforming perception in today's competitive media.

Join WhatsApp

Join Now

Join Telegram

Join Now

Leave a Comment