එංගලන්තයේ ප්‍රමුඛතම පාපන්දු කණ්ඩායමක් වන චෙල්සි, මෙවර පැවති FIFA ක්‍රීඩා සමාජ ලෝක කුසලාන (FIFA Club World Cup) තරගාවලියේ ශූරතාවය හිමි කරගනිමින් ඓතිහාසික ජයක් වාර්තා කිරීමට සමත් විය. මෙය ඔවුන් FIFA සමාජ ලෝක කුසලානයක් දිනාගත් ප්‍රථම අවස්ථාව වීමද විශේෂත්වයකි.
MetLife ක්‍රීඩාංගණයේදී, නිව්යෝර්ක් හි පැවති අවසන් මහා තරගයේදී, චෙල්සි කණ්ඩායම ප්‍රංශයේ PSG කණ්ඩායම ගෝල 3-0ක් ලෙස පරාජය කරමින් කුසලානයට හිමිකම් කීවේය.
මෙම ජයග්‍රහණයත් සමඟ ශූරයන්ට හිමි වන ඩොලර් මිලියන 40ක ප්‍රධාන මුදල් ත්‍යාගය චෙල්සි කණ්ඩායම සතු විය. ඒ අනුව, තරගාවලිය පුරාවට ලබාගත් ජයග්‍රහණ වෙනුවෙන් චෙල්සි කණ්ඩායමට හිමි වූ මුළු මුදල අමෙරිකානු ඩොලර් මිලියන 129.5ක් වන අතර, එය මෙරට වාණිජ අගය අනුව රුපියල් බිලියන 38කට අධික මුදලකි.
පරාජිත PSG කණ්ඩායම තරගාවලියෙන් අමෙරිකානු ඩොලර් මිලියන 107.7ක මුදලක් උපයා ගත්තේය. කුසලානය දිනාගැනීමට හැකි වූවා නම් ඔවුන්ට හිමිවීමට නියමිතව තිබූ මුදල අමෙරිකානු ඩොලර් මිලියන 147.7ක් වූ අතර, එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් බිලියන 44කට අධිකය.
මෙවර FIFA Club World Cup තරගාවලිය 2025 ජූනි 14 වනදා ආරම්භ වූ අතර, ලොව පුරා කලාප 6කින් නියෝජනය වූ කණ්ඩායම් 32ක් තරගයට එක් විය. අවසන් තරගය නැරඹීම සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද සහභාගි වූ බව වාර්තා වේ.