ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ පවතින ක්‍රීඩා වෛද්‍ය ආයතනය (Sports Medicine Institute), යාන්ත්‍ර විද්‍යාවේ මූලධර්ම ජීව විද්‍යාත්මක පද්ධතිවලට අදාළ කර ගනිමින්, ජීවීන්ගේ ව්‍යුහයට හා ක්‍රියාකාරිත්වයට බලපාන ආකාරය පිළිබඳ පර්යේෂණ කිරීමේ පැවති අඩුපාඩුවක් සම්පූර්ණ කරමින්, ජෛව යාන්ත්‍ර විද්‍යා පරීක්ෂණාගාරයක් අද (ජූලි 16) දින ආරම්භ කිරීමට නියමිතයි.
අද පෙරවරු 9.45ට සිදුවන මෙම ඓතිහාසික ආරම්භයෙන් පසුව, මෙම ජෛව යාන්ත්‍ර විද්‍යා පරීක්ෂණාගාරය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ආබාධ වැළැක්වීම, පුනරුත්ථාපනය සහ ක්‍රීඩා කාර්ය සාධනය ප්‍රශස්තකරණය සඳහා විශාල පිටුවහලක් වනු ඇත. මෙය ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ වත්මන් අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය ලාල් ඒකනායකගේ අධීක්ෂණය යටතේ නිර්මාණය වූවකි.