ලෝකයේ අතිශය ජනප්‍රිය සංගීතඥයා Alpha Blondy දිවයිනට!

Published On: July 16, 2025
Follow Us
Alpha-Blondy-sri-lanka

ලොව පුරා අතිශය ජනප්‍රිය රෙගේ සම්ප්‍රදායේ සංගීතඥයෙකු වන ඇල්ෆා බ්ලොන්ඩි, මෙරට ප්‍රසංගයක් පැවැත්වීම සඳහා අද (16) අලුයම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ. බොබ් මාලේගෙන් පසුව රෙගේ සංගීත සම්ප්‍රදාය තුළ ලෝකයේ අතිශය ජනප්‍රියම සංගීතඥයා ලෙස ඇල්ෆා බ්ලොන්ඩි සැලකේ.

ඔහු සිය පවුලේ සාමාජිකයන් සිව්දෙනෙකු ද සමඟින් අබුඩාබි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බව වාර්තා වේ.

ඇල්ෆා බ්ලොන්ඩි ලබන ජූලි මස 19 වන දින සවස කොළඹ ගුවන් හමුදා ක්‍රීඩාංගනයේ දී දැවැන්ත සංගීත ප්‍රසංගයක් පැවැත්වීමට නියමිතය.

මෙම කලාකරුවා ඇතුළු පිරිස, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නිලධාරීන් විසින් කටුනායක ගුවන් තොටුපොළේදී උසස් අන්දමින් පිළිගෙන තිබේ.

sandaru

As an experienced publisher, I champion high-quality, credible, and engaging digital journalism. Join me to learn how to build trust, grow audiences, and monetize news platforms, transforming perception in today's competitive media.

Join WhatsApp

Join Now

Join Telegram

Join Now

Leave a Comment